Ultimate magazine theme for WordPress.

Watch : නොකියාට එරෙහිව අවසන් පන්දුවාරයේ දී රියාන් පරාග් ගහපු ලකුණු 25

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයේ දී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ රියාන් පරාග් අද(28) සමත් වුණා.

ජායිපූර්හී දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථානය කඩුලු 5 ක් දැවී ලකුණු 185 ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී රියාන් පරාග් පන්දු 45 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 84 ක්. හයේ පහර හයක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පරාග් විසින් ඉනිමේ අවසන් පන්දුවාරයේ දී අන්රික් නොකියාට එරෙහිව ලකුණු 25 ක් වාර්තා කිරීම කැපී පෙනුණා.

එම පන්දුවාරයේ පළමු පන්දු පහට ඔහු පිළිවෙලින් 4, 4, 6, 4, 6 වාර්තා කිරීමට සමත් වුණා.

Leave a comment