Ultimate magazine theme for WordPress.

Watch : ඉතිහාසයේ දුර්වලම විනිසුරු තීන්දුව හා ක්‍රීඩකයෙකුගේ ලොකුම වංචාව ?

ඉන්දියාවේ පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ ප්‍රමුඛතම රතු පන්දු ක්‍රිකට් තරගාවලිය වන Col CK Nayudu කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ලබා දුන් ඉතා දුර්වල විනිසුරු තීන්දුවක් ලොව පුරා බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වුණා.

අවසන් තරගය කර්නාටක කණ්ඩායම හා උත්තර් ප්‍රදේශ් කණ්ඩායම අතර පැවැති අතර, එම තරගයේ පළමු දිනයේ දී යි මෙම දුර්වල විනිසුරු තීන්දුව දැකගත හැකි වූයේ.

කර්නාටක ආරම්භක පිතිකරු Prakhar Chaturvedi ට එරෙහිව මෙම දුර්වල විනිසුරු තීන්දුව ලබා දුන්නා. ඔහු විසින් කඩුලු රකින ක්‍රීඩක Aaradhya Yadav ගේ අතට උඩ පන්දුවක් ලබා දුන් නමුත්, කඩුලු රකින්නාට එය සාර්ථක ලෙස රැක ගැනීමට හැකි වූයේ නැහැ.

පන්දුව පැහැදිලිවම බිම පතිත වන අයුරු දැකිය හැකි වුවත්, එය නොදුටු විනිසුරුවරයා පිතිකරු දැවී ගිය අයෙකු ලෙස නම් කළා.

දර්ශන පහතින් –

Leave a comment