Ultimate magazine theme for WordPress.

වැන්ඩර්සේගේ සුපිරි දග පන්දුව හමුවේ අසරණ වූ චකබ්වා මෙන්ඩිස්ට ගොදුරු වූ හැටි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(18) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ මුල් පෙල පිතිකරුවන් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වුණා.

ඔවුන්ගේ පළමු කඩුල්ල බිද වැටුණේ ලකුණු 59දී යි.

දෙවැනි කඩුල්ල ලකුණු 90දී ද, තෙවැනි කඩුල්ල ලකුණු 196 දී ද බිද වැටුණා.

එම කඩුලු තුනම දවා ගැනීමට සමත් වුණේ පා දග පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ විසින් වීම විශේෂත්වයක්.

එම කඩුලු 3 අතරින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණේ දෙවැනි කඩුල්ල වෙතයි.

Regis Chakabva දවා ගැනීම සදහා එහිදී කඩුල්ල පිටුපස සිට කුසල් මෙන්ඩිස් විසින් දායකත්වය දක්වනු ලැබුවේ විශිෂ්ඨ ස්ටම්ප් කිරීමක් සිදු කරමින්.

එම පන්දුව දැඩි දග කැවීමක් සහිත වීම හේතුවෙන් පිතිකරුවාට සිය ශරීරියේ සමබරතාවය ගිලිහී ගිය අතර, පන්දුව ලද සැණින් ක්‍රියාත්මක වූ කුසල් මෙන්ඩිස් කඩුල්ල බිද දැමීමට සමත් වුණා.

දර්ශන පහතින් –

Leave a comment