Ultimate magazine theme for WordPress.

Watch : මෙන්ඩිස්ගේ ඉනිම අවසන් කළ මැක්ස්වෙල්ගේ සුපිරි පන්දු රැකීම

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද(18) මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 139ක් ලබා ගත්තා.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 35ක සබදතාවයක් ගොඩ ගැනීමට ධනුෂ්ක ගුණතිලක හා පැතුම් නිස්සංක සමත් වුණා.

ගුණතිලක ලකුණු 17කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 27කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.(දර්ශන පහතින්)

චරිත් අසලංක ලකුණු 22 ක් ලබා ගත් අතර, නැවතත් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වූ පැතුම් ලකුණු 46ක් රැස් කළා.

ශ්‍රී ලංකා මැද පෙල කඩුලු රැසක් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම හේතුවෙන් මෙම තරගයේ දී ශ්‍රී ලංකාව ලබා ගත් සාර්ථක ආරම්භය විශාල ලකුණු සංඛ්‍යාවක් දක්වා පරිවර්තනය කර ගැනීමට නොහැකි වුණා.

චාමික කරුණාරත්න නොදැවී ලකුණු 14යි.

පන්දු යැවීමේ දී ජයි රිචර්ඩ්සන් හා කේන් රිචර්ඩ්සන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Leave a comment