Ultimate magazine theme for WordPress.

නායකයා රැකගැනීම වෙනුවෙන් සූර්යකුමාර් සිය කඩුල්ල පූජා කළේ මෙහෙමයි

ක්‍රිකට් ක්‍රීඩාව යනු කණ්ඩායම් ක්‍රීඩාවක්.

එහිදී පෞද්ගලික දක්ෂතාවලට මුල්තැන ලබා දෙනවාට වඩා කණ්ඩායම් හැගීමෙන් යුතුව ක්‍රීඩා කිරීම වැදගත්.

කණ්ඩායමේ ජයග්‍රහනය වෙනුවෙන් පිතිකරුවන් තම කඩුල්ල කැප කරන අවස්ථා ක්‍රිකට් පිටියේ දී අප ඉදහිට දැක තිබෙනවා.

එවැනි සිදුවීමක් මෙවර අයි.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ද දැක ගත හැකි වුණා.

එහිදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මැදපෙල පිතිකරු සූර්යකුමාර් යාදෙව් සිය කඩුල්ල කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මා වෙනුවෙන් කැප කිරීම බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවූ කරුණක්.

කෙසේ වෙතත්, අදාළ දැවීයාමෙන් පසුව රෝහිට් ෂර්මා දැඩි කණස්සල්ලට ද පත්ව සිටියේ තමා අතින් වරදක් සිදු වූ බව ද පිළිගන්නා ස්වභායක් පෙන්නුම් කරමින්.

තරගයේ සම්මාන ප්‍රදානෝත්සවයේ දී මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ රෝහිට් ෂර්මා සදහන් කළේ සූර්යකුමාර් යාදෙව් මේ වන විට හොදින් දක්ෂතා අතර පසුවන බැවින් එම අවස්ථාවේ දී තමාට සිය කඩුල්ල ඔහු වෙනුවෙන් කැප කිරීමට තිබූ බවයි.

Leave a comment