Ultimate magazine theme for WordPress.

ජැෆ්නා ස්ටැලියන්ස් කේක් කාපු හැටි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අවසන් පූර්ව තරගයෙන් ලැබූ ජය සැමරූ ආකාරයට අදාළ වීඩියෝ දර්ශන මේ වන විට නිකුත් වී තිබෙනවා.

ක්‍රීඩකයින් කේක් කපමින් සිය ජය සැමරූ අතර, තරගයේ වීරයා වූ ජොන්සන් චාර්ල්ස් එහි මූලිකත්වය ගෙන කටයුතු කළා.

එල්.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඊයේ(14) සමත් වුණේ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම ලකුණු 37කින් පරාජයට පත් කරමින්.

හම්බන්තොට පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 19.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 128ක් පමණයි.

ජය සැමරූ ආකාරයට අදාළ වීඩියෝ දර්ශන කිහිපයක් පහතින් –

Leave a comment