Ultimate magazine theme for WordPress.

කෝලිව සම්පූර්ණයෙන් අසරණ කරමින් 0 ට දවාගත් අලීගේ පන්දුව

ලෝක ටෙස්ට් ශූශූරතාවලිය යටතේ ආරම්භ වූ එංගලන්ත කණ්ඩායමේ ඉන්දිය ටෙස්ට් තරග සංචාරයේ දෙවන තරගය අද (13) චෙන්නායි ක්‍රීඩාපිටියෙදී ආරම්භ වුණා.

ටෙස්ට් ශූරතාවලිය තුළ තවදුරටත් රැඳී සිටීමට නම් ඉන්දිය කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය ඉතාමත් වැදගත් වනු ඇති.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් ඉන්දිය නායක විරාට් කෝලි ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ආරම්භක කඩුල්ලේ සබදතාව ලකුණු බිංදුවකට සීමා කරමින් ඔලී ස්ටෝන් යොමු කළ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ෂුබ්මන් ගිල් ලකුණු  නොලබා දැවී ගියා.

චෙටස්වර් පුජාරා හට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 28 (58) ක් පමණයි.

සියල්ලන්ගේ බලාපොරොත්තුව බවට පත්ව සිටි නායක විරාට් කෝලි ලකුණු 0 කට දවා ගනිමින් යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට මෝයීන් අලී සමත් වුණා.

මෝයීන් අලී යොමු කළ දග කැවුණු පන්දුව විරාට් කෝලිගේ කඩුල්ලේ බේල්ස් ඉවත් කිරීමට සමත්වුණේ ඔහුව මුළුමනින්ම අසරණ කරමින්.

දර්ශන නැරඹීමට මෙතන ක්ලික් කරන්න

Leave a comment