Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් මතකාවර්ජන : ෆරූකි-ශන්තෝ උණුසුම මතකද?

ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි 20 තරගාවලියත් එක්ක මේ වන විට ක්‍රිකට් උණුසුම යළි ඉහළ ගිහිං.

දෙරට අතර පැවැති තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය ශ්‍රී ලංකාවට තරග 2-1 ක් ලෙස ජය හිමි කර දෙමින් අවසන් වූ අතර, එම තරගාවලියේ දී ද ක්‍රීඩකයින් අතර උණුසුම් තත්ත්වයන් ඇති වනු දැක ගත හැකි වුණා.

බංග්ලාදේශ ක්‍රීඩකයින් මෑත කාලයේ දී දකුණු අසියානු රටවල් සමග ක්‍රීඩා කිරීමේ දී විවිධ අවස්ථාවලදී විවිධ උණුසුම් තත්ත්වයන් නිර්මාණය කර ගත් බව ඔබට මතක ඇති.

අද සිට අප ඔබට ‘ක්‍රිකට් මතකාවර්ජන’ නමින් විශේෂාංගයක් ගෙන එන අතර, ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂි සිදු වීම් යළි ඔබට සිහිපත් කර දීමට අප එහිදී කටයුතු කරනවා.

එහි පළමු විශේෂාංගයෙන් අප ඔබට ගෙන එන්නේ ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශය අතර පැවැති තරගයකදී ඇෆ්ඝනිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ෆසල්හක් ෆරූකි හා බංග්ලාදේශ පිතිකරු නජ්මුල් හොසේන් ශන්තෝ අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුකින් පසුව ශන්තෝ දැවී ගිය ආකාරයයි. (දර්ශන පහතින්)

Leave a comment