Ultimate magazine theme for WordPress.

ඔවුන්ගේ හොදම පන්දු යවන්නා හසරංගට සලකපු විදිහට මම කැමතියි – හතුරුසිංහ

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය ඊයේ නිමා වුණේ බංග්ලාදේශයට කඩුලු හයක ජයක් හිමි කර දෙමින්.

ඒ අනුව විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකාව මේ වන විට තරග 1-0 ක් ලෙස එක්දින තරගාවලියේ පසුපසින් රැදී සිටිනවා.

තරගයෙන් පසුව බංග්ලාදේශ ක්‍රීඩකයින් ක්‍රීඩක විවේකාගාරයේ දී සිය ජය සැමරූ ආකාරය හා පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා විසින් ක්‍රීඩකයින් පෙන්නුම් කළ දක්ෂතා අගය කළ ආකාරය ඇතුළත් වීඩියෝවක් මේ වන විට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් සිය නිල යූටියුබ් නාලිකාවේ පල කර තිබෙනවා.

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග මෙම තරගයේ දී යොමු කළ දෙවැනි පන්දුවටම මහ්මුදුල්ලාහ් එල්ල කළ හයේ පහර සම්බන්ධයෙන් ද හතුරුසිංහ මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ අතර, ශ්‍රී ලංකාවේ හොදම පන්දු යවන්නාට එරෙහිව එවැනි ප්‍රතිචාරයක් දැක්වීම සම්බන්ධයෙන් හතුරුසිංහ මෙහිදී සිය ප්‍රසාදය ද පල කර සිටියා.

දර්ශන පහතින් –

Leave a comment