Ultimate magazine theme for WordPress.

IPL අර්බුදය දිග්ගැස්සෙයි – දිල්ලි කැපිටල්ස් සියලු සාමාජිකයින් නිරෝධායනයට

අයි.පී.එල් තරගාවලියට කොරෝනා වෛරසයෙන් එල්ල වී ඇති බලපෑම තවත් තීව්‍ර කරමින් සමස්ත දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ද නිරෝධායනයට ලක් වන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.

පසුගිය 29 වනදා දිල්ලි කණ්ඩායම කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ක්‍රීඩා කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට කොල්කටා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට සහ චෙන්නායි කණ්ඩායමට සම්බන්ධ සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමගයි මේ වන විට මෙවර අයි.පී.එල් තරගාවලිය අර්බුදයකට ලක්ව ඇත්තේ.

දිල්ලි කැපිටල්ස් සාමාජිකයින් කොපමණ කාලයක් නිරෝධායනය විය යුතු දැයි මෙතෙක් පැහැදිලි නොමැති නමුත්, හෙට(4) දිනයේ දී සිදු කිරීමට නියමිතව තිබූ එම කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු ද මේ වන විට සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ මීළග තරගය ද කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ලබන 8 වනදා අහ්මදාබාද්හී දී පැවැත්වීමට නියමිතව තිබීම විශේෂත්වයක්.

Leave a comment