Ultimate magazine theme for WordPress.

ගුරුසිංහ ජාතික කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු වෙයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම හිටපු ක්‍රිකට් කළමණාකරුවෙකු වන අසංක ගුරුසිංහ මහතා නයිජීරියා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ඊට අමතරව ඉහළ කාර්යය සාධන කළමණාකරු (high-performance manager) ලෙස ද ඔහුව පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එළඹෙන දෙසැම්බර් පළමු වැනිදා සිට අසංක ගුරුසිංහ මහතා සිය නව ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

1996 ලෝක කුසලානය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු ලෙස ද අසංක ගුරුසිංහ මහතා කටයුතු කළා.

අවසන් තරගයේ දී ලකුණු 65ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ලෝක ශුරතාවය ජය ගැනීම සදහා මග පාදා දුන් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 41කට සහ එක්දින තරග 147කට ක්‍රීඩා කර තිබෙනවා.

Leave a comment