Ultimate magazine theme for WordPress.

Watch : LPL තරගාවලියේ කාලසටහන ගැන වනිදුගේ අප්‍රසාදය

ක්‍රීඩකයින්ට විවේකයක් ලැබෙන පරිදි, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන සකස් විය යුතු බව බී-ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිදු හසරංග පවසනවා.

මෙවර LPL තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගය ලකුණු 61 කින් ජයග්‍රහනය කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

මේ වන විට මහනුවර කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්ව සිටින අතර, ඔහුට තරගාවලියේ ඉතිරි තරග ද අහිමි වී තිබෙනවා.

ඊයේ(17) පැවැති තීරණාත්මක තරගය ද මෙම ආබාධය හේතුවෙන් චමීරට අහිමි වුණා. එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සදහා ඔහුගේ සහභාගීත්වයට ද මින් බලපෑමක් සිදු වන්නේ දැයි මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

ඊයේ තරයේ දී ද මහනුවර කණ්ඩායමේ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන ඉසුරු උදාන හා නුවන් ප්‍රදීප් ආබාධවලට ලක් වුණා. ඒ අනුව ඉසුරු උදානට ද තරගාවලියේ ඉතිරි තරග අහිමි වනු ඇති බවයි වනිදු පෙන්වා දුන්නේ.

සෑම වසරකම LPL තරග කාලසටහනට අනුව එක් කණ්ඩායමකට අඛණ්ඩව දින කිහිපයක් තරග ක්‍රීඩා කිරීමට සිදු වනවා. මෙය ක්‍රීඩකයින්ගේ ශෘරීරික යෝග්‍යතාවයට බලපෑමක් එල්ල කරන බව නොරහසක්. ආසියානු කුසලානය හා ලෝක කුසලානය අභියස මෙලෙස ක්‍රීඩකයින් වෙහෙසට පත් කිරීම ඉතා අවධානම් සහගත කටයුත්තක්.

“අපි හැමෝම දන්නවා මේ තරගාවලිය කොච්චර ෆාස්ට් ද කියලා, සහ මේ ගේම් එක කොච්චර ෆාස්ට් ද කියලා. මේ තරගයට පෙර අපි තරග තුනක් එක දිගට ක්‍රීඩා කරා දවස් 3ක්. දිවා තරගයකුත් එක්ක. ඒ දෙන්නා (නුවන් හා ඉසුරු) මැච් තුනම ක්‍රීඩා කරා.” යනුවෙන් වනිදු හසරංග සදහන් කළා.

“වේග පන්දු යවන්නන් දෙන්නෙක්ට එහෙම තරග 3ක් එක දිගට මේ වගේ ෆාස්ට් ගේම් එකක ක්‍රීඩා කරන්න පුලුවන් කියන්නේ ඇත්තටම මට ඊට වඩා දෙයක් එයාලගෙන් ඉල්ලන්න බෑ. 

“මම හිතනවා ඊළග වසරෙවත් මේ තරගාවලිය තව ටිකක් කල් අරගෙන ක්‍රීඩා කරන්න පුලුවන්නම්, බැක් ටු බැක් ගේම්ස් තව අඩු වෙනවනම් මම හිතන්නේ මේ තරගාවලිය ගොඩක් සාර්ථක හොද තරගාවලියක් වෙයි. එතකොට අපිට ක්‍රීඩකයින්ව තව රෙස්ට් කරවන ගමන්, වේග පන්දු යවන්නන්ව මැනේජ් කරන ගමන් අපිට ගහන්න පුලුවන්. ඉතිං මං හිතනව ඊළග වසරේ සිට ඒ දේත් තරග සංවිධායකයින් කරයි කියලා.”

Leave a comment