Ultimate magazine theme for WordPress.

T20 World Cup 2024 : නේපාල, ඕමාන හා කැනඩා සංචිත නිවේදනය කෙරේ

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන නේපාල, ඕමාන හා කැනඩා සංචිත මේ වන විට නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන රටවල් 20න් රටවල් 9ක් සිය සංචිත ප්‍රකාශයට පත් කර අවසන්.

Rohit Paudel විසින් නේපාල කණ්ඩායම ද, Aqib Ilyas විසින් ඕමාන කණ්ඩායම ද, Saad Bin Zafar විසින් කැනඩා කණ්ඩායම ද මෙහෙයවීමට නියමිතව තිබෙනවා.

2016 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සිට ඕමාන කණ්ඩායමේ නායකයා ලෙස මෙතෙක් Zeeshan Maqsood කටයුතු කළ නමුත්, ඔහු වෙනුවටයි Aqib Ilyas කණ්ඩායමේ නව නායකයා ලෙස පත් කිරීමට පියවර ගෙන ඇත්තේ.

ජූනි පළමු වැනිදා ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි.

Nepal squad :

Rohit Paudel (c), Aasif Sheikh, Anil Kumar Sah, Kushal Bhurtel, Kushal Malla, Dipendra Singh Airee, Lalit Rajbanshi, Karan KC, Gulshan Jha, Sompal Kami, Pratis GC, Sundeep Jora, Abinash Bohara, Sagar Dhakal, Kamal Singh Airee

Oman squad:

Aqib Ilyas (c), Zeeshan Maqsood, Kashyap Prajapati, Pratik Athavale (wk), Ayaan Khan, Shoaib Khan, Mohammad Nadeem, Naseem Khushi (wk), Mehran Khan, Bilal Khan, Rafiullah, Kaleemullah, Fayyaz Butt, Shakeel Ahmad.

Canada squad:

Saad Bin Zafar (c), Aaron Johnson, Dilon Heyliger, Dilpreet Bajwa, Harsh Thaker, Jeremy Gordon, Junaid Siddiqui, Kaleem Sana, Kanwarpal Tathgur, Navneet Dhaliwal, Nicholas Kirton, Pargat Singh, Ravinderpal Singh, Rayyankhan Pathan, Shreyas Movva.

Reserves: Tajinder Singh, Aaditya Varadharajan, Ammar Khalid, Jatinder Matharu, Parveen Kumar.

Leave a comment