Ultimate magazine theme for WordPress.

20 හැවිරිදි ජොෂ් බේකර් මියයයි

එංගලන්තයේ Worcestershire ප්‍රාන්ත කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක ජොෂ් බේකර් මියගොස් තිබෙනවා.

20 හැවිරිදි වියේ පසු වූ ඔහු මෙම තරග වාරයේ දී ද අන්තර් ප්‍රාන්ත සිව්දින තරග දෙකක් සදහා ක්‍රීඩා කර තිබූ අතර, අවසන් වරට ඔහු පසුගිය 19 වැනිදා Durham කණ්ඩායමට එරෙහිව ආරම්භ වූ පළමු පෙල තරගයට ක්‍රීඩා කර තිබුණා.

වමත් දග පන්දු යවන්නෙකු වන ජොෂ් බේකර් 2021 වසරේ දී යි පළමු පෙල වරම් හිමි කර ගත්තේ. අනතුරුව සියලු තරග රටාවන්හි තරග 47 ක් ක්‍රීඩා කර ඇති ඔහු එහිදී කඩුලු 70 ක් දවා ගැනීමට සමත් වුණා.

ඔහු මිය යාමට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ.

Leave a comment