Ultimate magazine theme for WordPress.

Watch : ශ්‍රී ලංකාවට ඓතිහාසික තරගාවලි ජයක් හිමි කර දුන් තියුණු අවසානය මෙන්න

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව ඓතිහාසික තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, දකුණු අප්‍රිකා තරග සංචාරය යටතේ පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් හිමි කර ගනිමින්.

ඒ අනුව දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි. මෙය දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලැබූ ඉතිහාසයේ පළමු ද්විපාර්ශ්වික තරගාවලි ජයග්‍රහනය වීම විශේෂත්වයක්.

අවසන් විස්සයි 20 තරගය East London හි Buffalo Park ක්‍රීඩාංගනයේ දී පැවැති අතර, තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් ලබා ගත්තා.

නායිකා Laura Wolvaardt ලකුණු 56 ක් රැස් කළ අතර, Nadine de Klerk නොදැවී ලකුණු 44 යි. පන්දු යැවීමේ දී සුගන්දිකා කුමාරි ලකුණු 24 කට කඩුලු තුනක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.1 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල දෙවැනි පන්දුවාරයේ දී ම බිද වැටුණේ විශ්මි ගුණරත්න එක් ලකුණකට දැවී යාමත් සමගයි. අනතුරුව දෙවැනි කඩුල්ල සදහා ලකුණු 97 (69)ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගීමට චමරි අතපත්තු සමග පිටියේ එක් වූ හර්ෂිතා සමරවික්‍රම සමත් වුණා.

චමරි පන්දු 46 කින් වේගවත් ලකුණු 73 ක් රැස් කළේ හයේ පහර පහක් හා හතරේ පහර 7ක් සමගින්.

ඇයගේ දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගිය හර්ෂිතා පන්දු 43 කින් නොදැවී ලකුණු 54 ක් ලබා ගත්තා. හයේ පහරක් හා හතරේ පහර 4ක් ඇයගේ ඉනිමට ඇතුළත්.

තරගයේ අවසන් පන්දුවාර දෙකේ දර්ශන පහතින් –

Leave a comment