Ultimate magazine theme for WordPress.

T 10 ලීගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 12ක් දක්වා ඉහළට

අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා තෝරා ගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නොදන් වොරියර්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් සිය කණ්ඩායම සදහා යළි තෝරා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීම (draft) හෙවත් ක්‍රීඩක කෙටුම්පත් කිරීම අද(23) සිදු කෙරුණා.

එහිදී තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග තෝරා ගනු ලැබුවේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසිනුයි.

හිටපු දග පන්දු යවක ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් පූනේ ඩෙවිල්ස් කණ්ඩායම විසින් ද, ළහිරු කුමාර ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් ද තෝරා ගැණුනා.

චාමර කපුගෙදර තෝරා ගෙන ඇත්තේ පූනේ ඩෙවිල්ස් කණ්ඩායම සදහායි.

දසුන් ශානක දිල්ලි බුල්ස් කණ්ඩායම විසින් තෝරා ගනු ලැබූ අතර, නොදන් වොරියර්ස්(Northern Warriors) කණ්ඩායම විසින් මහේෂ් තීක්ෂණ සිය කණ්ඩායම වෙත තෝරා ගත්තා.

සිව්වන වරටත් පැවැත්වීමට නියමිත අබුඩාබි T 10 ලීග් තරගාවලිය ජනවාරි 28 වනදා ආරම්භ වන අතර, පෙබරවාරි 6 වනදා දක්වා තරගාවලිය පැවැත්වෙනු ඇති.

තරගාවලියට එක් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් –

  1. වනිදු හසරංග – ඩෙකෑන් ග්ලැඩියේටර්ස්
  2. අජන්ත මෙන්ඩිස් – පූනේ ඩෙවිල්ස්
  3. ළහිරු කුමාර – ඩෙකෑන් ග්ලැඩියේටර්ස්
  4. චාමර කපුගෙදර – පූනේ ඩෙවිල්ස්
  5. දසුන් ශානක – දිල්ලි බුල්ස්
  6. නොදන් වොරියර්ස් – මහේෂ් තීක්ෂණ
  7. අවිශ්ක ප්‍රනාන්දු – අබුඩාබි කණ්ඩායම
  8. තිසර පෙරේරා – පූනේ ඩෙවිල්ස් (Icon player)
  9. ඉසුරු උදාන – බංග්ලා ටයිගර්ස් (Icon player)
  10. භානුක රාජපක්ෂ – ඩෙකෑන් ග්ලැඩියේටර්ස්
  11. දුෂ්මන්ත චමීර – දිල්ලි බුල්ස්
  12. නුවන් ප්‍රදීප් – නොදන් වොරියර්ස්
Leave a comment