Ultimate magazine theme for WordPress.

SA20 වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු අලෙවි වෙයි ; සංචිත 6 මෙන්න

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නවතම පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන SA20 (එස් ඒ ට්වෙන්ටි) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු මිලදී ගැනීමට කණ්ඩායම් දෙකක හිමිකරුවන් කටයුතු කළා.

ක්‍රීඩක වෙන්දේසිය මෙරට වේලාවෙන් අද(20) අලුයම වන තුරු පැවැත්වුණේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හී දී යි.

ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක මිලදී ගැනීමට සමත් වුණේ ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි.

ඔහු දකුණු අප්‍රිකානු රැන්ඩ් 275,000 ක මුදකට අලෙවි වුණා. ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් මිලියන 5.6 ක පමණ අගයක් වනවා.

ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ප්‍රෙටෝරියා කැපිටල්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තා.

ඔහු අලෙවි වුණේ දකුණු අප්‍රිකානු රැන්ඩ් 425,000 ක මුදලකටයි. ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් මිලියන 8.6 ක පමණ අගයක්.

ඒ අනුව මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන 3ක්.

ක්‍රීඩක වෙන්දේසියට පෙර ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ජොහැනස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබුණා.

තරගාවලිය ජනවාරි හා පෙබරවාරි මාසවලදී පැවැත්වීමට නියමිතයි.

සංචිත –

Durban Super Giants:

Quinton de Kock, Prenelan Subrayen, Jason Holder, Kyle Mayers, Reece Topley, Dwaine Pretorius, Heinrich Klaasen, Keemo Paul, Keshav Maharaj, Kyle Abbott, Junior Dala, Dilshan Madushanka, Johnson Charles, Matthew Breetzke, Christiaan Jonker, Wiaan Mulder, Simon Harmer

Jo’burg Super Kings:

Faf du Plessis, Gerald Coetzee, Maheesh Theekshana, Romario Shepherd, Harry Brook, Janneman Malan, Reeza Hendricks, Kyle Verreynne, George Garton, Alzarri Joseph, Leus du Plooy, Lewis Gregory, Lizaad Williams, Donavon Ferreira, Nandre Burger, Malusi Siboto, Caleb Seleka

MI Cape Town:

Kagiso Rabada, Dewald Brevis, Rashid Khan, Liam Livingstone, Sam Curran, Rassie van der Dussen, Ryan Rickelton, George Linde, Beuran Hendricks, Duan Jansen, Delano Potgieter, Grant Roelofsen, Wesley Marshall, Olly Stone, Waqar Salamkheil, Ziyaad Abharams, Odean Smith

Paarl Royals:

David Miller, Corbin Bosch, Jos Buttler, Obed McCoy, Lungi Ngidi, Tabraiz Shamsi, Jason Roy, Dane Vilas, Bjorn Fortuin, Wihan Lubbe, Ferisco Adams, Imraan Manack, Evan Jones, Ramon Simmonds, Mitchell van Buuren, Eoin Morgan, Codi Yusuf

Pretoria Capitals:

Anrich Nortje, Migael Pretorius, Rilee Rossouw, Phil Salt, Wayne Parnell, Josh Little, Shaun von Berg, Adil Rashid, Cameron Delport, Will Jacks, Theunis de Bruyn, Marco Marais, Phil Salt, Kusal Mendis, Daryn Dupavillon, Jimmy Neesham, Eathan Bosch, Shane Dadswell

Sunrisers Eastern Cape:

Aiden Markram, Ottniel Baartman, Marco Jansen, Tristan Stubbs, Sisanda Magala, Junaid Dawood, Mason Crane, JJ Smuts, Jordan Cox, Adam Rossington, Roelof van der Merwe, Marques Ackerman, James Fuller, Tom Abell, Aya Gqamane, Sarel Erwee, Brydon Carse

Leave a comment