Ultimate magazine theme for WordPress.

RCB ආරම්භක පිතිකරුට කොවිඩ් 19 ආසාදනය වෙයි

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ ආරම්භක පිතිකරු දෙව්දත් පඩික්කල්ට කොරෝනා වෛරසය (කොඩිව් 19) ආසාදනය වී තිබෙනවා.

පසුගිය 22 වනදා ඒ බව තහවුරු වී ඇති අතර, එදින සිට ඔහු බැංගලෝර්හි පිහිටි සිය නිවසේ සිට නිරෝධායනයට ලක් කර ඇති බවයි RCB කණ්ඩායම නිවේදනය කළේ.

PCR පරීක්ෂණවලින් සමත් වුවහොත් 20 හැවිරිදි ඔහුට ඉදිරියේ දී බැංගලෝර් කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුලට සම්බන්ධ විය හැකි බව ද එම කණ්ඩායම සදහන් කළා.

RCB කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර අද දිනයේ දී පුහුණු තරගයක් ද පවත්වා ඇති අතර, ඒ සදහා ක්‍රීඩකයින් 12 දෙනෙකු පමණක් එක් වූ බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මේ වන විට නිරෝධායනට ලක් වෙමින් සිටීම ඊට හේතුවයි.

මෙවර තරග වාරයේ පළමු තරගය ද පැවැත්වෙන්නේ බැංගලෝර් කණ්ඩායම සහ පසුගියවර ශූරතාවය දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි.

පසුගිය තරග වාරයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ පඩික්කල් තරග 12කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 417ක්.

Leave a comment