Ultimate magazine theme for WordPress.

PSL සිව්වැනි තරගයේ ජය ලාහෝර් කණ්ඩායමට

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් ජය වාර්තා කිරීමට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ කරච්චිහී දී පැවැති තරගයේ දී කඩුලු 9කින් පරාජයට පත් වූයේ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 178ක් ලබා ගත්තා.

ක්‍රිස් ගේල් ලකුණු 68ක් සහ සර්ෆ්‍රාස් අහ්මඩ් ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් ලකුණු 38කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලාහෝර් කණ්ඩායම පන්දුවාර 18.2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ෆකාර් සමාන් නොදැවී ලකුණු 82ක් සහ මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 73ක් ලබා ගත්තා.

Leave a comment