Ultimate magazine theme for WordPress.

PSL අවසන් ගැටුම අද

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(24) පැවැත්වෙනවා.

ඒ, මුල්ටාන් සුල්ටාන් කණ්ඩායම සහ පෙෂාවර් සල්මි කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 9.30ට අබුඩාබිහී දී ආරම්භ වීමට නියමිතයි.

පෙෂාවර් කණ්ඩායම මීට පෙර 2017 වසරේ දී ශූරතාවය දිනා ගත් අතර, 2018 හා 2019 වසරවලදී අනුශූරතාවය දිනා ගත්තා.

මුල්ටාන් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

Leave a comment