Ultimate magazine theme for WordPress.

Oval Invincibles කණ්ඩායමට ලකුණු 9ක ජයක්

Match Report

එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයෙන් Northern Superchargers කණ්ඩායම පරදා ලකුණු 9ක ජයක් වාර්තා කිරීමට Oval Invincibles කණ්ඩායම සමත් වුණා.

ලීඩ්ස් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් Invincibles කණ්ඩායම නියමිත පන්දු 100 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 185 ක් ලබා ගත්තා.

ජේසන් රෝයි ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගියා. ජෝර්ඩන් කොක්ස් පන්දු 38 කින් නොදැවී ලකුණු 73 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 8 ක් සමගින්.

හෙන්රික් ක්ලාසන් පන්දු 22 කින් ලකුණු 46 ක් හා විල් ජැක්ස් පන්දු 25 කින් ලකුණු 40 ක් රැස් කළා. සෑම් කරන් ලකුණු 24(12) යි.

පන්දු යැවීමේ දී වේන් පාර්නෙල් ලකුණු 29 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Superchargers කණ්ඩායමට පන්දු 100 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 176 ක් පමණයි.

ආරම්භක පිතිකරු ටොම් බැන්ටන් පන්දු 43 කින් වේගවත් ලකුණු 81 ක් රැස් කළා. හයේ පහර 5 ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඇඩම් හෝප් ලකුණු 41(19) යි.

පන්දු යැවීමේ දී Gus Atkinson ලකුණු 24 කට කඩුලු 3 ක් දවා ගත් අතර, සෑම් කරන් ලකුණු 31 කට කඩුලු 2ක් බිද හෙලුවා.

Leave a comment