Ultimate magazine theme for WordPress.

LPL 2022 : කලම්බු ස්ටාර්ස් අවසන් සංචිතය මෙන්න

දෙසැම්බර් 6 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් පහේ අවසන් සංචිත අද(25) නිල වශයෙන් නිවේදනය කෙරුණා.

තරගාවලියට එක් වන කලම්බු ස්ටාර්ස් සංචිතය සදහා ක්‍රීඩකයින් 22 දෙනෙකු ඇතුළත්.

පසුගිය තරග වාරයේ දී ද කලම්බු ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කළ ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් මෙවර තරගාවලිය සදහා ද සිය කණ්ඩායමේ රදවා ගැනීමටයි එම කණ්ඩායමට පියවර ගත්තේ.

එමෙන්ම පා දග පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ හා තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න ද සංචිතයේ රදවා ගැණුනා.

තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ජූලි 5 වැනිදා පැවැති අතර, ඊට පෙර ඔවුන් චරිත් අසලංක හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් සමග සෘජුව ගිවිසුම්ගතව තිබුණා.

අසලංක පසුගිය තරගවාරයේ දී කැන්ඩි වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, දික්වැල්ල දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සදහායි ක්‍රීඩා කළේ.

නිමා වූ අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ නිශාන් මදුෂ්ක ද සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට මීට පෙර නියමිතව තිබූ නමුත්, රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තරගාවලිය කල් දැමුණා.

ඒ අනුව විදෙස් ක්‍රීඩකයින් ලෙස මීට පෙර ස්ටාර්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටි Asif Ali, Fazalhaq Farooqi හා Dwaine Pretorius මෙවර තරගාවලියට එක්වන්නේ නැහැ.

COLOMBO STARS Squad

  1. Angelo Mathews
  2. Charith Asalanka
  3. Niroshan Dickwella
  4. Dhananjaya Lakshan
  5. Dinesh Chandimal
  6. Seekuge Prasanna
  7. Jeffrey Vandersay
  8. Nishan Madushka
  9. Muditha Lakshan
  10. Lakshitha Manasinghe
  11. Kevin Koththigoda
  12. Chathuranga Kumara
  13. Navod Paranavithana
  14. Chamod Battage
  15. Suranga Lakmal
  16. Kasun Rajitha

Overseas Player

  1. Benny Howell
  2. Romario Shephard
  3. Dominic Drakes
  4. Ravi Bopara
  5. Naveen ul-haq
  6. Karim Janat
Show Comments (1)