Ultimate magazine theme for WordPress.

LPL සම්මාන සහ මූල්‍ය ත්‍යාග බෙදී ගියේ මෙහෙමයි

පළමු වරට සංවිධාන කළ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ(16) නිමා වුණේ ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි කර දෙමින්.

ඒ, අවසන් මහා තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලකුණු 53ක පරාජයක් හිමි කර දෙමින්.

Match Report – LPL පළමු ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට

තරගාවලියේ ශූරතාවය දිනා ගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ශූරතා කුසලානයට අමතරව මුදලින් රුපියල් 18,500,000 ක මුදලක් ද හිමි වුණා.

අනුශූරතාවය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හිමි වූ ත්‍යාග මුදල රුපියල් 9,250,000 ක්.

මීට අමතරව අවසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ ෂොයිබ් මලික්ට රුපියල් 460,000 ක මුදල් ත්‍යාගයක් හිමි වුණා.

තරගාවලියේ වීරයා වූ වනිදු හසරංගට හිමි වූ මුදල රුපියල් 1,850,000ක්.

ඊට අමතරව තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ ධනංජය ලක්ෂාන්ට රුපියල් 370,000ක මුදල් ත්‍යාගයක් ද හිමි වුණා.

මේ අතර, මෙවර තරගාවලියේ ක්‍රීඩාවේ ජීව ගුණයෙන් යුතු කණ්ඩායමට (Fair Play Award) පිරිනැමෙන සම්මානයෙන් පිදුම් ලැබුවේ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමයි.

ඔවුන්ට ඒ සදහා රුපියල් 460,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමුණා.

Leave a comment