Ultimate magazine theme for WordPress.

LPL ප්‍රධාන ක්‍රීඩකයෙකුට කෝටියකට වැඩි මුදලක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 24 ක් පමණයි.

තරගාවලිය එළඹෙන 28 වනදා සිට සැප්තැම්බර් 20 දක්වා පැවැත්වීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට තීරණය කර ඇත්තේ.

තරගාවලියට එක්වන ප්‍රධාන ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට (icon player) අමෙරිකානු ඩොලර් 60,000ක (රුපියල් 1,11,08,286) මුදලක් හිමි වනු ඇති.

සෙසු පුමුඛ ක්‍රීඩකයින් සදහා අමෙරිකානු ඩොලර් 50,000 ත් 40,000ත් අතර මුදලක් හිමි වන බවයි වාර්තා වන්නේ.

අනෙකුත් ක්‍රීඩකයින්ට අමෙරිකානු ඩොලර් 40,000 – 30,000 සහ 20,000 – 10,000 අතර මුදලක් හිමි වීමට නියමිත බවයි newswire වෙබ් අඩවිය වාර්තා කළේ.

විදෙස් ක්‍රීඩකයින් 70 දෙනෙකුට වැඩි පිරිසක් තරගාවලියට එක්වීමට කැමැත්ත පල කර ඇති බව ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කළා.

තරගාවලිය සදහා තරග 23ක් ඇතුළත් අතර, සියලු තරග ආර්.ප්‍රේමදාස, රංගිරි දඹුලු, පල්ලේකැලේ සහ සූරියවැව යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් 5ක් එක්වන බවත්, එම කණ්ඩායම් කොළඹ, නුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන නගර කේන්ද්‍ර කර ගනිමින් නම් කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Leave a comment