Ultimate magazine theme for WordPress.

LPL තරගාවලිය සහ වෙන්දේසිය යළි කල් දැමේ – අලුත් දිනය මෙන්න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනය යළි කල් දමා තිබෙනවා.

මීට පෙර තරගාවලිය ලබන නොවැම්බර් 14 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණ ද , එය 21 වනදා දක්වා සතියකින් කල් දැමුණු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

නිරෝධායන කාල සීමාවන්වලට යටත් වීමට විදෙස් ක්‍රීඩකයින් සදහා ප්‍රමාණවත් කාලයක් ලබා දීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව සදහන්.

විශේෂයෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින ක්‍රීඩකයින් ද ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සම්බන්ධ කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

අයි.පී.එල් තරගාවලිය ලබන නොවැම්බර් 10 වනදා අවසන් වීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර, එල්.පී.එල් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය හෙට දිනයේ දී (1) පැවැත්වීමට නියමිතව තිබූ අතර, එය ද ලබන 9 වනදා දක්වා කල් දමා තිබෙනවා.

Leave a comment