Ultimate magazine theme for WordPress.

LPL තරගාවලියට නැගෙනහිර පළාතෙනුත් කණ්ඩායමක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා නැගෙනහිර පළාත ද නියෝජනය වන පරිදි කණ්ඩායමක් ඉදිරි තරගවාරයන්හී දී එක් කිරීමට අපේක්ෂා කරන බව තරගාවලියේ අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න මහතා පවසනවා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු සදහන් කළේ මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් නම් කරන ලද්දේ ජාත්‍යන්තර ක්‍රීඩාංගන පිහිටා ඇති නගර කේන්ද්‍ර කර ගනිමින් බවයි.

මෙවර තරගාවලිය දඹුල්ල, මහනුවර සහ හම්බන්තොට යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබීම ඊට හේතු වූ බව ඔහු කියා සිටියා.

ලබන වසරේ දී හෝ තෙවැනි අදියරේ සිට හෝ තරගාවලියට තවත් කණ්ඩායම් කිහිපයක් එක් කරන බවයි රවීන් වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියේ.

Leave a comment