Ultimate magazine theme for WordPress.

LPL තරගාවලියේ දඹුල්ල කණ්ඩායට නව හිමිකාරීත්වයක්; නමත් සංශෝදනය කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියට එක්වන දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය ලන්ඩන් නුවර කේන්ද්‍ර කර ගත් HAMRO සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී Q ඛාන්ට හිමිව ඇති බව තරගාවලියේ සංවිධායකයින් වන Innovative Production Group (IPG) අද(2) නිවේදනය කළා.

ඒ අනුව දඹුල්ල වයිකින්ග් ලෙස මෙතෙක් හැදින් වූ එම කණ්ඩායමේ නම ද Dambulla Giants ලෙස සංශෝදනය කර ඇති බවයි IPG සමාගම නිවේදනය කළේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය අවලංගු කිරීමට පසුගිය ජූනි මාසයේ දී තරගාවලි සංවිධායකයින් කටයුතු කළා.

මූල්‍යමය ගැටලුවක් හේතුවෙන් එම අවලංගු කිරීම සිදු කෙරුණු බව සදහන්.

මීට පෙර දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලැබුවේ බොලිවුඩ් නලු සචින් ජෝෂි විසින්.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර මෙම වසර අගදී පැවැත්වීමට නියමිතයි.

Leave a comment