Ultimate magazine theme for WordPress.

LPL අවසන් තීරණය හෙට ජනපති සමග සාකච්ඡාවකින් පසු

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්විම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දිනයේ දී ගැනීමට නියමිත බව newswire වෙබ් අඩවිය වාර්තා කරනවා.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජක්ෂ මහතා සදහන් කර ඇත්තේ හෙට පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව එය තිරණය කෙරෙනු ඇති බවයි.

ඒ අනුව ක්‍රිකට් බළධාරීන්, කොරෝනා මර්දන කාර්යය සාධක බලකාය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර මෙම සාකච්ඡාව හෙට පැවැත්වීමට නියමිත බව සදහන්.

එමෙන්ම එල්.පී.එල් තරගාවලිය හම්බන්තොට දී පමණක් ජෛව ආරක්ෂිත බුබුලක පැවැත්වීම සදහා සෞඛ්‍ය බළධාරීන් ක්‍රිකට් බළධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ලබන 21 වනදා ආරම්භ වීමට නියමිත තරගාවලියේ දෙවන අදියරේ තරග මහනුවර දී පැවැත්වීමටයි මේ වන විට සැලසුම් සකස් කර ඇත්තේ.

තරගාවලිය දෙසැම්බර් 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a comment