Ultimate magazine theme for WordPress.

IPL 2022 : වනිදුට වැඩිම කඩුලුලාභියාගේ කිරුළ අහිමි වෙයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ හිමි කර ගනිමින් තරගාවලිය අවසන් කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චෙහල් අද(29) සමත් වුණා.

ඒ, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව අද රාත්‍රියේ දී ආරම්භ වූ මෙවර තරග වාරයේ අවසන් මහා තරගයේ දී යි.

එහිදී ගුජරාට් කණ්ඩායමේ නායක හර්ඩික් පාන්ඩ්යාගේ කඩුල්ල දවා ගැනීමට චෙහල් සමත් වීමත් සමගයි ඔහු මෙවර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වුණේ.

අවසන් මහා තරගයේ දී චෙහල් පන්දුවාර 4 තුළ ලකුණු 20කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

මීට පෙර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත්ව සිටියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වනිදු හසරංගයි.

ඔහු තරග 16 කට ක්‍රීඩා කර බිද හෙළා තිබූ කඩුලු සංඛ්‍යාව 26ක්.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යුස්වේන්ද්‍ර චෙහල් මෙවර තරගාවලිය අවසන් කළේ තරඟ 17කදී කඩුලු 27ක් බිඳ හෙළමින්.

Leave a comment