Ultimate magazine theme for WordPress.

IPL 2020 : 8 වන තරගය අද – Preview

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වන තරගය අද(26) පැවැත්වෙනවා.

ඒ, දිනේෂ් කාර්තික් නායකත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ ඩේවිඩ් වෝනර් නායකත්වය දරන සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට අබුඩාබිහී දී ආරම්භ වනු ඇති.

ආබාධයකට ලක්වීම හේතුවෙන් සන්රයිසස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්ට මෙවර තරගාවලියෙන් ඉවත්වීමට සිදු වීම නිසා ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු අද තරගයට ආදේශ කිරීමට සිදු වනවා.

බොහෝ විට මොහොමඩ් නබී ඔහුගේ ස්ථානය වෙනුවෙන් කණ්ඩායමට පැමිණෙනු ඇති.

මිචෙල් මාෂ් වෙනුවට සංචිතයට කැදවූ ජේසන් හෝල්ඩර් මෙතෙක් සංචිතය සමග එක් වී නැහැ.

ආබාධයකට ලක්ව සිටින කේන් විලියම්සන් ද අද තරගය සදහා ක්‍රීඩා කරන්නේ ද යන්න මෙතෙක් නිල වශයෙන් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

සන්රයිසස් හයිදරාබාද් සහ කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ පළමු ජය අපේක්ෂාවෙන් අද තරගයට ක්‍රීඩා කරනු ඇති.

Leave a comment