Ultimate magazine theme for WordPress.

IPL තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සන්රයිසස් බිද දමයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බිද දැමීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(27) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ 8 වැනි තරගයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 3 ක් දැවී ලකුණු 277 ක් වාර්තා කරමින්.

මීට පෙර අයි.පී.එල් තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කර තිබුණේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින්.

ඔවුන් 2013 වසරේ දී පූනේ වොරියර්ස් පිලට එරෙහිව කඩුලු 5ක් දැවී ලකුණු 263 ක් ලබා තිබුණා.

අද තරගයේ දී සන්රයිසස් ඉනිම වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් පන්දු 24 කින් ලකුණු 62 ක් ද, අභිෂේක් ෂර්මා පන්දු 23 කින් ලකුණු 63 ක් ද වාර්තා කළා.

හෙන්රික් ක්ලාසන් නොදැවී ලකුණු 80 ක් ලබා ගත්තේ පන්දු 34 ක් පමණක් වැය කරමින්. හයේ පහර 7ක් හා හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

අයි.පී.එල් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ලකුණු ප්‍රමාණයන් –

  • SRH 277/3 v MI (2024)
  • RCB 263/5 v Warriors (2013)
  • LSG 257/5 v Punjab Kings (2023)
  • RCB 248/3 v Guj Lions (2016)
  • CSK 246/5 v RR (2010)
Leave a comment