Ultimate magazine theme for WordPress.

ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය : ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පියවරක් ඉදිරියට

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ එක් පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව අද(27) සමත් වුණා.

ඒ, බංග්ලාදේශය සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලැබූ කඩුලු 10ක ජයත් සමගින්.

ඒ අනුව මේ වන විට තරග 6ක් ක්‍රීඩා කර, ඉන් තරග 3ක් ජය ගෙන ඇති ශ්‍රී ලංකාවට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 40ක්.

55.56% ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට සිව්වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මෙතෙක් සිව්වැනි ස්ථානයේ පසු වූ පාකිස්තානය මේ වන විට පස්වැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

බංග්ලාදේශය 8 වැනි ස්ථානයේ පසුවන අතර, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිව ඇත්තේ ඔස්ට්‍රේලියාවටයි.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීලග තරගාවලිය පැවැත්වෙන්නේ ද ඔස්ට්‍රේලියාවට එරෙහිවයි.

ICC
Leave a comment