Ultimate magazine theme for WordPress.

CPL අවසන් වටයේ තරග හෙට සිට ඇරඹේ

කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මෙරට වේලාවෙන් අද(26) පෙරවරුවේ දී අවසන් වුණා.

මූලික වටයේ 30 වැනි හා අවසන් තරගය බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම හා ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම අතර පැවැති අතර, එම තරගයෙන් කඩුලු 5 ක ජයක් හිමි කර ගත්තේ ඇමසන් වොරියර්ස් කණ්ඩායමයි.

තරගාවලියේ අවසන් වටයේ තරග හෙට(27) ආරම්භ වීමට නියමිත අතර, අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) පැවැත්වෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත් බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම හා දෙවැනි ස්ථානය හිමි කර ගත් ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම අතරයි.

එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ගයානා හි Providence ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

අවසන් වටයේ දෙවැනි තරගය (Eliminator) මෙරට වේලාවෙන් එළඹෙන 28 වැනිදා අලුයම 4.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ, ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමි කර ගත් ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම හා සිව්වැනි ස්ථානය හිමි කර ගත් ජැමයිකා තලවාස් කණ්ඩායම අතරයි.

අවසන් වටයේ තෙවැනි තරගය (Qualifier 2) මෙරට වේලාවෙන් එළඹෙන 29 වැනිදා අලුයම ද, අවසන් මහා තරගය එළඹෙන පළමු වැනිදා අලුයම ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave a comment