Ultimate magazine theme for WordPress.

5 වැනි වරටත් BBL ශූරතාවය පර්ත් ස්කෝචර්ස් කණ්ඩායමට

Match Report

මෙවර බිග් බෑෂ් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම අද(4) සමත් වුණා.

ඒ, පර්ත් හී දී පැවැති අවසන් මහා තරගයේ දී බ්‍රිස්බේන් හීට් කණ්ඩායම පරදා කඩුලු 5 ක ජයක් හිමි කර ගනිමින්.

පසුගියවර තරගාවලියේ ද ශූරතාවය දිනූ ස්කෝචර්ස් කණ්ඩායම මෙවර බිග් බෑෂ් ලීග් ශූරතාවය ජය ගනු ලැබුවේ 5 වැනි වරටයි.

අද පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බ්‍රිස්බේන් හීට් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 175 ක් ලබා ගත්තා.

Nathan McSweeney ලකුණු 41ක්, Sam Heazlett ලකුණු 34 ක් හා Max Bryant ලකුණු 31 ක් රැස් කළා. පන්දු යැවීමේ දී Jason Behrendorff හා Matthew Kelly කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක Ashton Turner ලකුණු 53 ක් ලබා ගත්තේ පන්දු 32 කින්. Josh Inglis ලකුණු 26 ක් ද, Cooper Connolly නොදැවී ලකුණු 25 ක් ද ලබා ගත්තා.

Leave a comment