Ultimate magazine theme for WordPress.

20යි 20 තරගාවලියේ ආරම්භක වේලාව සංශෝදනය කෙරේ

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය හෙට(10) ආරම්භ වනවා.

එක්දින තරගාවලිය පැවැති කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ම සියලු 20යි 20 තරග පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලියේ තරග ආරම්භක වේලාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(9) නිවේදනය කළා.

මීට පෙර සියලු තරග රාත්‍රී 8ට ආරම්භ කිරීමට නියමිතව ඇති බවට සදහන්ව තිබූ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ සියලු තරග රාත්‍රී 7ට ආරම්භ කරන බවයි.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකව අතර පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමා වුණේ තරග 2-1ක් ලෙස ශ්‍රී ලංකාවට ශූරතාවය හිමි කර දෙමින්.

Leave a comment