Ultimate magazine theme for WordPress.

ෆින්ච් ඉවත් වීමෙන් පසු මෙල්බර්න් නායකත්වය මැඩින්සන්ට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 11 වන අදියරේ දී මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමේ නායකත්වය නික් මැඩින්සන්ට හිමිව තිබෙනවා.

ඒ, මීට පෙර එම කණ්ඩායමේ නායකත්වය දැරූ ආරෝන් ෆින්ච් නායකත්වයෙන් ඉවත් වීම හේතුවෙන්.

කාර්යය බහුල ජාත්‍යන්තර තරග කාලසටහන හේතුවෙන් ෆින්ච් එම තීරණය ගෙන තිබුණා.

ඔහු මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමේ නායකයා ලෙස බිග් බෑෂ් තරගාවලියේ දෙවැනි අදියරේ සිටම කටයුතු කළා.

ආරෝන් ෆින්ච් මේ වන විට දණහිසක ආබාධයකට ලක්ව සිටින බවත්, ඒ හේතුවෙන් ඔහුට මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලියේ ආරම්භක තරග කිහිපය අහිමි වනු ඇති බවත් සදහන්.

Leave a comment