Ultimate magazine theme for WordPress.

“හේල්ස් දෙවන අවස්ථාවක් ලබන්න සුදුසුයි” – ක්‍රිස් වෝක්ස්

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඇලෙක්ස් හේල්ස් යළි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනු දැකීමට තමා කැමැත්තෙන් පසු වන බව වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් පවසනවා.

ඇලෙක්ස් හේල්ස් 2019 වසරේ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතයෙන් ඉවත් කිරීමෙන් පසුව මෙතෙක් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ඔහුට හිමිව නැහැ.

අන්තරායකර ඖෂධ භාවිතා කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණවලින් ඇලෙක්ස් හේල්ස් අසමත් වීම හේතුවෙනුයි ඔහුව එලෙස ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කෙරුණේ.

“එංගලන්ත කණ්ඩායමේ සංස්කෘතියක් සහ පරිසරයක් තියෙනවා. අපි හැමෝම උත්සාහ කරනවා හරි දිශාවට යන්න. ඇලෙක්ස් එය කිරීමට කැමතිනම් මම හිතන්නේ හැමෝම කැමති වේවි ඔහු එංගලන්තය වෙනුවෙන් යළි ක්‍රීඩා කරනවා බලන්න.”

යනුවෙන් ක්‍රිස් වෝක්ස් කියා සිටියා.

ඔහුගේ අදහස වන්නේ ඇලේක්ස් හේල්ස් දෙවැනි අවස්ථාවක් ලබා ගැනීම සදහා සුදුසු ක්‍රීඩකයෙකු බවයි.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු මුල්පෙල පිතිකරු අලෙක්ස් හේල්ස්ට යළි ජාත්‍යන්තර තරග පිටියට පිවිසීමේ හැකියාව පවතින බව පසුගිය දිනක එංගලන්ත නායක ඉයන් මෝර්ගන් ද සදහන් කර සිටියා.

ඒ සදහා ඔහු කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සහ කළමණාකාරීත්වයේ විශ්වාසය නැවත ලබා ගත යුතු බවයි මෝර්ගන් කියා සිටියේ.

 

Leave a comment