Ultimate magazine theme for WordPress.

සුපිරි විදෙස් ක්‍රීඩකයින් LPL බෑ කියයි

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ප්‍රබල විදෙස් ක්‍රීඩකයින් රැසක් ඉවත් වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එහි උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා Daily Mirror පුවත්පත වෙත සදහන් කර ඇත්තේ දින 14ක කාලයක් නිරෝධායනය සදහා විදෙස් ක්‍රීඩකයින් ලක් කිරීමට අවශ්‍ය බවට මෙරට සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් හේතුවෙන් මෙම අවධානම මතුව ඇති බවයි.

විදෙස් ක්‍රීඩකයින් 150 දෙනෙකු මෙවර එල්.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා තිබූ අතර, අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඔක්තෝම්බර් මස පළමුවැනිදා එම වෙන්දේසිය පැවැත්වීමට නියමිතයි.

එහිදී තරග වදින කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි ක්‍රීඩකයින් 30 දෙනෙකු තෝරා ගැනෙනු ඇති.

ක්‍රීඩකයින් 59 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් තවදුරටත් තරගාවලියට එක්වීම සදහා කැමැත්තෙන් පසු වන බවයි රවීන් වික්‍රමරත්න මහතා සදහන් කර ඇත්තේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 14 වැනිදා, එනම් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වී දින 4කින් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

එදින සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා රංගිරි දඹුල්ල, පල්ලකැලේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

Leave a comment