Ultimate magazine theme for WordPress.

සැන්ට්නර් වෙනුවට ටික්නර් නවසීලන්ත සංචිතයට

වේග පන්දු යවන ක්‍රීඩක බ්ලෙයාර් ටික්නර් පාකිස්තානයට හා බංග්ලාදේශයට එරෙහිව ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ඒ, දග පන්දු යවන ක්‍රීඩක මිචෙල් සැන්ට්නර් පෞද්ගලික හේතුවක් මත පළමු තරග කිහිපය සදහා එක් නොවීම හේතුවෙන්.

පසුගිය සතියේ දී ඔහුගේ බිරිද විසින් ඔවුන්ගේ පළමු දරු උපත සිදු කර තිබූ අතර, ඒ හේතුවෙන් මිචෙල් සැන්ට්නර් මේ වන විට පවුලේ සාමාජිකයින් සමග රැදී සිටිනවා.

තුන්කොන් තරගාවලියේ පළමු තරගය සිකුරාදා(7) නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හී දී පැවැත්වීමට නියමිතව ඇත්තේ පාකිස්තානය හා බංග්ලාදේශය අතරයි.

නවසීලන්තය ක්‍රීඩා කරන පළමු තරගය සෙනසුරාදා දිනයේ දී පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Show Comments (1)