Ultimate magazine theme for WordPress.

ස්ටක්ගේ හා සෝල්ට්ගේ දක්ෂතා නයිට් රයිඩර්ස් පිලට පහසු ජයක් ගෙනෙයි

Match Report

මිචෙල් ස්ටක්ගේ අනර්ඝ පන්දු යැවීම හා පිල් සොල්ට්ගේ නොදැවුණු ලකුණු 89 හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 28 වැනි තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා කඩුලු අටක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(14) සමත් වුණා.

කොල්කටා හි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සුපර් ජයන්ට්ස් පිල කඩුලු 7ක් දැවී ලකුණු 161 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 15.4 ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක පිතිකරු පිල් සොල්ට් නොදැවී ලකුණු 89 ක් රැස් කළේ පන්දු 47 කින්. හයේ පහර 3 ක් හා හතරේ පහර 14 ක් ඔහු‍ගේ ඉනිමට ඇතුළත්. නායක ෂ්රෙයස් අයියර් නොදැවී ලකුණු 38යි.

පන්දු යැවීමේ දී මොහ්සින් ඛාන් ලකුණු 29 කට කඩුලු දෙකක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් නිකලස් පූරාන් පන්දු 32 කින් ලකුණු 45 ක් රැස් කළ අතර, කේ එල් රාහුල් ලකුණු 39 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් ලකුණු 28 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Leave a comment