Ultimate magazine theme for WordPress.

ෂොයිබ් මලික් දරුණු රිය අනතුරකට මුහුණ දෙයි

පාකිස්තාන පිතිකරු ෂොයිබ් මලික් දරුණු රිය අනතුරකට මුහුණ පා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාකිස්තානයේ ලාහෝර් නුවර දී ඔහු මෙම අනතුරට මුහුණ දී ඇත්තේ සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදීයි.

ඔහුගේ මෝටර් රථය ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට අදාළව අද පැවැති ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට සහභාගී වී යළි සිය නිවස බලා පිටව යන අතරතුර ඔහු මෙම අනතුරට මුහුණ දී ඇති බව සදහන්.

කෙසේ වෙතත්, අනතුරින් ඔහුට බරපතල තුවාල සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

Leave a comment