Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග කාලසටහන නිවේදනය කෙරේ

සිම්බාබ්වේ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(28) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයේ දී එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතයි.

ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ තරග පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම ලබන 10 වැනිදා දිවයිනට පැමිණෙන අතර, පළමු එක්දින තරගය පැවැත්වෙන්නේ ජනවාරි 16 වැනිදායි.

තරග කාලසටහන –

SLC
Leave a comment