Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා බව තහවුරු වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ සීමිත පන්දුවාර තරග අරමුණු කර ගනිමින් කොළඹ දී පුහුණුවීම් කටයුතුවල නිරත වූ බිනුර ප්‍රනාන්දුට සහ චාමික කරුණාරත්නට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

වෛරසය ආසාදනය වූ දෙදෙනා වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර ඇති අතර, ඔවුන්ගේ ආශ්‍රිත ක්‍රීඩකයින් කවුරුන් ද යන්න මේ වන විට හදුනා ගනිමින් සිටින බව සදහන්.

කෙසේ වෙතත්, ක්‍රීඩකයින් පුහුණුවීම් කටයුතු සිදු කර ඇත්තේ කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් බවත්, ඒ හේතුවෙන් අදාළ ක්‍රීඩකයින් දෙදෙනා සමග වැඩි ක්‍රීඩකයින් පිරිසක් සෘජු සම්බන්ධතා පවත්වා නොමැති බවත් වාර්තා වනවා.

Leave a comment