Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව සුපර් ලීගයේ පියවරක් ඉදිරියට; නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව එහි 11 වන ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව මේ වන විට සමත්ව තිබෙනවා.

ඒ, ඉන්දියාව සමග පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලැබූ ජයත් සමගින්.

ඒ අනුව සුපර් ලීගය යටතේ ශ්‍රී ලංකාව මේ වන විට තරග 12කට ක්‍රීඩා කර ඉන් තරග 2ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 22ක් හිමි කර ගෙන සිටිනවා.

ඔවුන් පරාජයට පත් වූ තරග ගණන 9ක්.

එහි පෙරමුණ තවදුරටත් තහවුරු කර ගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 95කට හිමිකම් කියන එංගලන්තයයි.

දෙවැනි ස්ථානයේ පසුවන බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 80ක් ලබා සිටිනවා.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරා ගනු ලබන්නේ මෙම සුපර් ලීගය හරහායි.

ප්‍රසාද ලකුණු සටහන –

  1. එංගලන්තය : තරග 15 – ප්‍රසාද ලකුණු 95
  2. බංග්ලදේශය : තරග 12 – ප්‍රසාද ලකුණු 80
  3. ඔස්ට්‍රේලියාව : තරග 7 – ප්‍රසාද ලකුණු 50
  4. ඉන්දියාව : තරග 9 – ප්‍රසාද ලකුණු 49
  5. පාකිස්තානය : තරග 9 – ප්‍රසාද ලකුණු 40
  6. අයර්ලන්තය : තරග 12 – ප්‍රසාද ලකුණු 35
  7. නවසීලන්තය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  8. ඇෆ්ඝනිස්තානය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  9. බටහිර ඉන්දීය කොදෙව් : තරග 7 – ප්‍රසාද ලකුණු 30
  10. දකුණු අප්‍රිකාව : තරග 6 – ප්‍රසාද ලකුණු 24
  11. ශ්‍රී ලංකාව : තරග 12 – ප්‍රසාද ලකුණු 22
  12. නෙදර්ලන්තය : තරග 3 – ප්‍රසාද ලකුණු 20
  13. සිම්බාබ්වේ : තරග 6 – ප්‍රසාද ලකුණු 10
Leave a comment