Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි කොදෙව් සංචිතය නම් කෙරේ , ගේබ්‍රියල්ට යළි කැදවීමක්

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.

සංචිතයෙන් ආරම්භක පිතිකරුවෙකු වන කිරන් පවෙල් ඉවත් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඔහු මෑතකදී පාකිස්තානය සමග පැවැති ටෙස්ට් තරගාවලියේ දී පිතිකරුවෙකු ලෙස අසාර්ථක වූ අතර, ඉනිම 4 තුළ දී රැස් කළේ පිළිවෙලින් ලකුණු 0, 4, 5 හා 23ක්.

නවක පිතිකරු Jeremy Solozano ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට කැදවා තිබෙනවා. සංචිතයට ඇතුළත් ටෙස්ට් වරම් නොලැබූ එකම ක්‍රීඩකයා වන්නේ ඔහුයි.

පාකිස්තාන තරගාවලිය ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකළ වේග පන්දු යවන ක්‍රීඩක 33 හැවිරිදි ශැනොන් ගේබ්‍රියල් ද ශ්‍රී ලංකා සංචාරය සදහා කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

චෙමාර් හෝල්ඩර් වෙනුවට ඔහු සංචිතයට නම් කර තිබෙනවා.

ලබන 10 වනදා කොදෙව් කණ්ඩායම දිවයිනට පැමිණෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර සදහන් කළේ.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගාවලිය වීම ද විශේෂත්වයක්.

කොදෙව් කණ්ඩායම නොවැම්බර් 14 වනදා සිට 17 වනදා දක්වා කොළඹ දී පුහුණු තරගයකට ද එක් වීමට නියමිතයි.

අනතුරුව පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 21 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 29 වනදා ද ආරම්භ වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

WI Squad:

Kraigg Brathwaite (C), Jermaine Blackwood (VC), Nkrumah Bonner, Roston Chase, Rahkeem Cornwall, Joshua Da Silva, Shannon Gabriel, Jason Holder, Shai Hope, Kyle Mayers, Veerasammy Permaul, Kemar Roach, Jayden Seales, Jeremy Solozano, Jomel Warrican.

Leave a comment