Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාලසටහන නිවේදනය කෙරේ

නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(18) නිවේදනය කළා.

ජූනි – ජූලි මාසවලට යෙදී ඇති මෙම සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය අයි.සී.සී කාන්තා ශූරතාවලිය (ICC Women’s Championship) යටතට ද අයත් වනවා.

නවසීලන්ත කාන්තා කණ්ඩායම ජූනි 23 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර, දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය පැවැත්වෙන්නේ ජූනි 27 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි.

දෙවැනි හා තෙවැනි තරග ද පිළිවෙලින් ජූනි 30 වැනිදා හා ජූලි 3 වැනිදා ගාල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලිය ආරම්භ වීමට පෙර ජූලි 6 වැනිදා නවසීලන්තය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු 20යි 20 තරගයක් කොළඹ සී සී සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

20යි 20 තරගාවලිය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී ජූලි 8 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි හා තෙවැනි තරග පිළිවෙලින් ජූලි 10 වැනිදා හා 12 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Leave a comment