Ultimate magazine theme for WordPress.

වෙනස්කම් රැසක් සමගින් තරග බිමට පිවිසෙන දඹුල්ල සංචිතය මෙන්න

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින 10 ක පමණ කාලයක්.

එල්.පී.එල් තරගාවලියේ තෙවැනි අදියර දෙසැම්බර් 6 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ අදියරෙන් අදියරට කණ්ඩායම්වල හිමිකරුවන් මෙන්ම නාමයන් ද වෙනස්වීම නිරතුරුවම සිදු වනු දක්නට ලැබුණා.

මෙවර ද ඒ ආකාරයෙන්ම දඹුල්ල කණ්ඩායමේ නම ද වෙනසකට ලක්ව තිබෙනවා.

ඒ අනුව එල් පී එල් පළමු අදියරේ දී දඹුල්ල වයිකින්ග් ලෙස ද, දෙවැනි අදියරේ දී දඹුල්ල ජයන්ට්ස් ලෙස ද හදුන්වනු ලැබූ එම කණ්ඩායම මෙවර තරගාවලියේ දී හදුන්වන්නේ Aura Dambulla යන නමින්.

මීට පෙර දඹුල්ල කණ්ඩායම විසින් මෙවර තරගාවලිය සදහා ඔස්ට්‍රේලියාවේ D’Archy Short, Ben Cutting, නේපාලයේ Sandeep Lamichhane, නවසීලන්තයේ Tim Siefert, පාකිස්තානයේ Haider Ali හා කොදෙව් දූපත්හි Sheldon Cottrel යන විදෙස් ක්‍රීඩකයින් තෝරා ගෙන තිබුණා.

ජූලි මාසයේ පැවැති ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාවෙන් අනතුරුව එම විදෙස් ක්‍රීඩකයින් සිය කණ්ඩායමට තෝරා ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් වූ නමුත්, තරගාවලිය මාස කිහිපයකින් කල් දැමීමට මීට පෙර ගත් තීරණයත් සමග මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති නවතම සංචිතයට D’Archy Short, Ben Cutting, Sandeep Lamichhane, Tim Siefert හා Sheldon Cottrel ඇතුළත්ව නැහැ.

නුවන් ප්‍රදීප් හා සාශා ද අල්විස් යන දේශීය ක්‍රීඩකයින් ද මීට පෙර සංචිතයට ඇතුළත්ව සිටි නමුත්, නවතම සංචිතයට ඔවුන් දෙදෙනා ඇතුළත්ව නැහැ.

මීට පෙර සංචිතයට ඇතුළත්ව නොසිටි ලහිරු කුමාර, ෂෙවෝන් ඩැනියල්, ලහිරු මදුෂංක හා චමිදු වික්‍රමසිංහ යන ක්‍රීඩකයින් මේ වන විට සංචිතයට නම් කර තිබෙනවා.

දඹුල්ල කණ්ඩායමේ නායකයා ලෙස මෙවර තරග වාරයේ දී ද දසුන් ශානක කටයුතු කරනු ඇති.

AURA DAMBULLA SQUAD :

  1. Dasun shanaka
  2. Bhanuka Rajapaksa
  3. Lahiru Kumara
  4. Ramesh Mendis
  5. Chathuranga De Silva
  6. Pramod Madushan
  7. Lasith Croospulle
  8. Tharindu Ratnayake
  9. Kalana Perera
  10. Dilum Sudeera
  11. Sachitha Jayatilake
  12. Dushan Hemantha
  13. Shevon Daniel
  14. Ravindu Fernando
  15. Lahiru Madushanka
  16. Chamindu Wickramasinghe

Overseas Player

  1. Sikandar Raza
  2. Noor Ahamed
  3. Tom Abell
  4. Jordon Cox
  5. Haider Ali
  6. Paul Van Meekeren
Show Comments (1)