Ultimate magazine theme for WordPress.

වෙනස්කම් කිහිපයක් සමගින් පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් අතර, ඊට ආරම්භක පිතිකරු ඉමාම් උල් හක්, මැදපෙල පිතිකරු කම්රන් ගුලාම් (Kamran Ghulam) හා පිට දග පන්දු යවන ක්‍රීඩක බිලාල් අසිෆ් කැදවීමටයි එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ජූලි – අගෝස්තු මාසවලදී පැවැති බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරග සංචාරයට එක් වූ හැරිස් රවුෆ්, ඉම්රාන් බට්, හශ්නවාස් දහානි හා යසීර් ශාහ්ට පාකිස්තාන සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙනවා.

බංග්ලාදේශ – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට තරග 2ක් ඇතුළත් අතර, පළමු තරගය ලබන 26 වනදා චිතගොං හී දී ද (Chattogram), දෙවැනි තරගය ඩකා හී දී ලබන 4 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.

ටෙස්ට් තරගාවලියට පෙර බංග්ලාදේශයට එරෙහිව තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් සදහා ද පාකිස්තානය එක් වීමට නියමිතයි.

20යි 20 තරගාවලිය ආරම්භ වන්නේ ලබන 19 වැනිදා ඩකාහී දී යි.

Pakistan Test squad:

Babar Azam (c), Mohammad Rizwan, Abdullah Shafique, Abid Ali, Azhar Ali, Bilal Asif, Faheem Ashraf, Fawad Alam, Hasan Ali, Imam-ul-Haq, Kamran Ghulam, Mohammad Abbas, Mohammad Nawaz, Naseem Shah, Nauman Ali, Sajid Khan, Sarfaraz Ahmed, Saud Shakeel, Shaheen Afridi, Zahid Mahmood

Leave a comment