Ultimate magazine theme for WordPress.

වීවෝ ටටා කියද්දී ටාටා අයි.පී.එල් පිටියට

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා හෙවත් title sponsor ලෙස කටයුතු කළ චීනය කේන්ද්‍රකර ගත් වීවෝ (Vivo) සමාගම ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් ඉවත්ව තිබෙනවා.

ඒ අනුව ඉදිරි වසර දෙකේ දී ටාටා (Tata) සමාගම අයි.පී.එල් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

අයි.පී.එල් තරගාවලි සංවිධායකින් අතර අද(11) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

වීවෝ සමාගම තවත් වසර දෙකක කාලයක් ප්‍රධාන අනුග්‍රාහකත්වය දැරීමට නියමිතව තිබූ පසුබිමකයි ඔවුන් ඉන් ඉවත්ව ඇත්තේ.

ඒ අනුව ඉදිරි වසර දෙකක කාලය තුළ අයි.පී.එල් තරගාවලිය ටාටා අයි.පී.එල් ලෙස හැදින්වීමට නියමිතයි.

ඉන්දීය රුපියල් කෝටි 2,199 ක ලංසුවකට වීවෝ සමාගම 2018 වසරේ දී අයි.පී.එල් තරගාවලියේ ප්‍රධාන අනුුග්‍රාහකත්වය ලබා ගත්තේ වසර 5ක කාලයක් සදහායි.

එහිදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට එක් තරග වාරයක් වෙනුවෙන් ලැබෙන මුදල ඉන්දීය රුපියල් කෝටි 440ක්.

කෙසේ වෙතත්, ඉන්දු – චීන දේශසීමා ආශ්‍රිතව ඇති වූ ගැටුම් පදනම් කර ගනිමින් vivo සමාගමට එරෙහිව ඉන්දියාවේ බොහෝ පාර්ශවවලින් දැඩි විරෝධයක් එල්ල වූ බැවින් එම සමාගම 2020 වසරේ දී ද ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුණා.

එම වසරේ දී Dream 11 සමාගම ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා ගත් අතර, අනතුරුව 2021 වසරේ දී යළිත් වීවෝ සමාගම ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනු ලැබුවා.

පළමු ගිවිසුමට අනුව 2022 වසරේ දී වීවෝ සමාගමේ ප්‍රධාන අනුග්‍රාහකත්වය අවසන් වීමට නියමිතව තිබූ නමුත්, 2020 වසරේ දී ඔවුන්ට ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට සිදු වූ බැවින් එම ගිවිසුම 2023 වසර දක්වා දීර්ඝ කෙරුණා.

Leave a comment