Ultimate magazine theme for WordPress.

ලකුණු 8ක තියුණු ජයකින් එංගලන්තය තරගාවලියේ ජය තහවුරු කර ගනියි

Match Report

ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 8 ක තියුණු ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට (2-0) සංචාරක එංගලන්ත කණ්ඩායම අද(12) සමත් වුණා.

කැන්බරා හි පැවැති තරගය ජය ගැනීමට ලකුණු 179ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 170 ක් පමණයි.

මිචෙල් මාෂ් ලකුණු 45 (29) ක් හා ටිම් ඩේවිඩ් ලකුණු 40 (23) ක් රැස් කළා. පන්දු යැවීමේ දී සෑම් කරන් ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 178 ක් ලබා ගත්තේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.

ඩේවිඩ් මලාන් පන්දු 49 කින් වේගවත් ලකුණු 82 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 7 ක් ද සමගින්.

මොයීන් අලී පන්දු 27 කින් ලකුණු 44 ක් රැස් කළා. පන්දු යැවීමේ දී මර්කස් ස්ටොයිනිස් ලකුණු 34 කට කඩුලු 3ක් බිද හෙලුවා.

Show Comments (4)